කීත් නොයාර්ගේ පැහැර ගැනීම ගැන කථානායක කී දේ

"කීත් නොයාර්ගේ සිද්ධිය ගැන ප්‍රකාශ කළේ කිසිදු පාර්ශවයක් ගැන ද්වේශ සහගත හැඟීමකින් නොවේ" - කථානායක

by Staff writer 20-08-2018 | 6:52 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදුන්නේ , කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින්, කථානායකවරයා පෙන්වා දෙන්නේ එය නීතිගරුක පුරවැසියෙකු ලෙස නීතිය ත් යුක්තිය ත් ඉටු කිරීමට සහාය දීම පමණක් බවයි. කථාතානායක මාධ්‍ය ඒකකය විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලීසිය විසින් පවත්වන ලද පරීක්ෂණවලට අදාළව කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍යයන්හි පළ වූ වාර්තාවන් කෙරෙහි අවධානය යොමු කරමිනි. අදාළ පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව පුවත්පත් කතෘවරු සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් ම ප්‍රකාශයන් ලබා ගැණුන අතර කථානාවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලීසිය විසින් අධිකරණය දැනුවත් කර අධිකරණයේ අනු දැනුම මත කථානායකවරයාගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව නිවේදනයේ දැක්වේ. නීති ගරුක පුරවැසියෙකු විසින් ඉටු කළ යුතු යුතුකමක් ලෙස තමා අදාළ සිද්ධිය පිළිබඳ දන්නා සියලු තොරතුරු පැහැදිලිව සඳහන් කළ බව කථානායකවරයා පෙන්වා දෙන්නේ ය. නමුත්, මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස හෝ එය කවර ආකාරයක ප්‍රකාශයක් ද ? යන්න පිළිබඳව කිසිදු පාර්ශවයක බලපෑමක් හෝ යෝජනාවක් සිදු නොවූ අතර එය හුදෙක් අධිකරණය දැනුවත් කර පොලීසිය මගින් කරන ලද නීත්‍යානූකූල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් පමණක් බව කථානයකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/166421970862670/