by Staff writer 20-08-2018 | 7:52 AM
COLOMBO (News 1st) : මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 2691 දෙනෙකු වාර්තාවී ඇති බවයි.
වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 436 කි.
කළුතර, ගම්පහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ද මී උණ වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී තිබේ.
කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් මී උණ රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.
මී උණ ව්‍යාප්තිය පාලනය සඳහා ගොවි ජනතාවට ඊට අවශ්‍ය ඖෂධ ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.