by Staff writer 19-08-2018 | 2:13 PM
මෙරට සිනමා ශාලාවල මෙතෙක් තිරගත නොකළ 'ප්‍රතිරාවය' සිනමා පටය, අද පස්වරු 6 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී තිරගත වනවා.
ඒ, හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන චිත්‍රපට උළෙලේදීයි.
ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන චිත්‍රපට උළෙලේදී මාලනී ෆොන්සේකා මහත්මිය රංගන දායකත්වය ලබාදුන් විශිෂ්ට සිනමාපට තිරගත වනවා.
1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙන් සිනමා කේෂත්‍රයට අවතීර්ණ වූ මාලනී ෆොන්සේකා මහත්මිය, මේ වන විට රංගන දායකත්වය ලබාදී ඇති සිනමාපට ගණන 155 ක්.