by Staff writer 19-08-2018 | 6:32 PM
COLOMBO (News 1st) : සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් සිනමා පටය 2018 වසරේ කෙටිම කාලයක් තුළ සී ඊ එල් මණ්ඩලයේ වැඩි ම ආදායමක් ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබේ.
සී ඊ එල් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු නිවුස් ෆස්ට් වෙත පැවසුවේ, පළමු සති තුන ඇතුළත එම චිත්‍රපටය වාර්තා කළ ආදායම රුපියල් ලක්ෂ 300 ක් පමණ වන බවයි.
ගෙවුණු වසර කිහිපය තුළ මෙය දෙවැනි වන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයට පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.
රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ගෝල් සිනමා පටය මේ වන විට දිවයින පුරා සී ඊ එල් මණ්ඩලයේ සිනමා ශාලා 65ක පමණ තිරගත වේ.
ප්‍රවීණ රංගන ශිල්පීන් වන ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු නළු නිළියෝ රැසක් ඊට රංගනයෙන් දායකත්වය දෙති.
දිවයින පුරා පිහිටි සී ඊ එල් මණ්ඩලයේ සිනමා ශාලාවලදී ගෝල් සිනමා පටය දැන් ඔබටත් නැරඹිය හැකියි.