ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි

by Staff writer 19-08-2018 | 12:16 PM
ආසියාවේ ශක්තිය තේමාකොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද ආරම්භ වුනා. එහි පිහිණුම් තරග වල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අළුත් කීරීමට සමත් වුනා. ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක දක්ෂතාවක් දක්වමින්. කෙසේ වෙතත් එම තරග ඉසව්වේ තුන්වන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වූ මැතිව් අබේසිංහට හිමිවූයේ හයවන ස්ථානයයි.