ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගබඩාවක ගින්නක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගබඩාවක ගින්නක්

by Staff writer 18-08-2018 | 9:14 AM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ගබඩාවක ගින්නක් හට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද අලුයම 1.20ට පමණ ගින්න හට ගෙන ඇති බව ය. විශ්වවිද්‍යාලයේ පැරණි පොත් පත් සහ ලිපි ද්‍රව්‍ය මෙම ගබඩාවේ රැස් කර තිබූ බව එම ඒකකය පැවසුවේ ය. ගිනි නිවීම් ඒකකය විසින් ගින්න පාලනය කර තිබෙන අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.