දුම්රිය සමිති නියෝජිතයින් හා ජනපති අතර සාකච්ඡා

දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා ජනපති අතර සාකච්ඡා

by Staff writer 18-08-2018 | 5:36 PM

COLOMBO (News 1st) - දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත් විය.

ඒ, ජනාධිපති නිල නිවසේදීයි. සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති අලෝක ජයසිංහ මහතා සඳහන් කළේ, එහිදි දුම්රිය සේවකයින්ගේ ශ්‍රේණි අතර පවතින වැටුප් විශමතාව හා අණදීමේ ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සකාච්ඡා කළ බවයි. ඒ අනුව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඊට වගකිව යුතු සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කළ බව ඔහු පැවසුවේ ය. ලැබුණු සුබවාදී ප්‍රතිචාරය හේතුවෙන් ලබන 20 වැනි දාට සැලසුම් කර තිබූ දුම්රිය සේවක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති අලෝක ජයසිංහ මහතා පවසා තිබේ.