දකුණේ මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

දකුණු පළාතේ මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්

by Staff writer 18-08-2018 | 6:04 PM

COLOMBO (News 1st) - දකුණු පළාතේ මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දකුණු පළාත් සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වන විට මෙරටට වාර්ෂිකව ගෙන්වන මී පැණි ප්‍රමාණය ටොන් 200 කි. මේ හේතුවෙන් මෙරට අවශ්‍යතාවට සරිලන මී පැණි, මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙහිදී මී මැසි ජනපද ඇති කිරීම සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි ද නිෂ්පාදකයින්ට ලබාදෙනු ඇති.