තොටළඟ හොරෙන් විදුලිය ලබා ගත් 110ක් අත්අඩංගුවට

තොටළඟ ප්‍රදේශයේ හොරෙන් විදුලිය ලබා ගත් 110කට අධික පිරිසක් අත්අඩංගුවට

by Staff writer 18-08-2018 | 9:05 AM
COLOMBO (News 1st) - තොටළඟ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 110කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, මෝදර හා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානවල සහය ඇතිව අද අලුයම එම වැටලීම් සිදු කළ බව ය. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට භාර දී ඇති අතර අද පස්වරුවේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අනාරක්ෂිත ලෙස විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයින් පිළිබඳව 011 2 422 259 යන අංකයට දැනුම් දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.