කොෆී අනන් අභාවප්‍රාප්ත වෙයි

එ. ජා. හිටපු මහ ලේකම්වරයෙකු වූ කොෆී අනන් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 18-08-2018 | 3:42 PM

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයෙකු වූ කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ 80 වැනි වියෙහි පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි. 1938 වසරේ අප්‍රේල් 8 වන දා අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේදී, උපත ලැබූ කොෆී අනන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 7 වැනි මහ ලේකම් ධූරයට පත්වූයේ 1997 වසරේ ජනවාරි පළමු වැනි දා ය. සිය ධූර කාලය තුළ ඔහු ලෝකවාසීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල සමාජ මෙහෙවරක නිතර විය. ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් කොෆී අනන් මහතා 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ ය.