ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

18 Aug, 2018 | 6:54 am

COLOMBO (News 1st)

1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය.

2. ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක් බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.

3. 2017 වසරේ රුපියල් මිලියන 1618ක මෙහෙයුම් ලාභයක් උපයා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

විදෙස් පුවත්

4. ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ.

5. හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පකිස්ථානයේ මීළඟ අගමැති ධූරය සඳහා තේරී පත් වී තිබේ.

ඒ, ඊයේ එරට ජාතික රැස්වීමේදී සිදු වූ ඡන්දයකින් අනතුරුව ය.

ක්‍රීඩා පුවත්

6. පසුගිය මාර්තු මාසයේ මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර වාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරියාට කළ ගෙවීම් පිළිබඳව අනාවරණයක්.