ඉන්දියාව තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

හිටපු ඉන්දීය අගමැති වජ්පායිගේ අභාවය හේතුවෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරෙයි

by Staff writer 17-08-2018 | 9:13 AM

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය වාර්තා අනාවරණ කළේ පන්ජාබ්, උත්තර්කානද්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හර්යානා හා ඔඩිෂා ප්‍රාන්තවල සියලු රාජ්‍ය ආයතන හා පාසල්වලට නිවාඩු ලබාදී ඇති බවයි. එම කාලය තුළ ඉන්දීය ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටි. අභාවප්‍රාප්ත වන විට 93 වැනි වියේ පසු වූ වජ්පායි මහතා, භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තෙවරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය දැරීය. වර්ෂ 1924 දෙසැම්බර් 25 වන දා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්වාලියො ප්‍රදේශයේ උපත ලද අතල් බිහාර් වජ්පායි මහතා හින්දු භාෂාව සම්බන්ධයෙන් ශ්‍රාස්තවේදී උපාධිදාරියෙක් වන අතර දේශපාලන විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිදාරියෙකි. 1977 පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් එරට ලොක් සභාවට තේරි පත් වූ ඔහු විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඇතුලු අමාත්‍ය ධූර දරමින් ද පක්ෂ නායකත්වයන් දරමින් ද භාරතයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේ ය.