හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිටි

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිටි

by Staff writer 17-08-2018 | 10:56 AM

COLOMBO (News 1st) - හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටෙඩන්ට්වත්ත සුරුවම පාලම අසළ ප්‍රදේශයට අද උදෑසන පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක් ව සිටි. පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග ලෙස හැටන් - කොළඹ පරණ මාර්ගය භාවිත කරන ලෙසයි.