වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී

වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී

by Staff writer 17-08-2018 | 3:49 PM
COLOMBO (News 1st) - 2017 වසරේ රුපියල් මිලියන 1618ක මෙහෙයුම් ලාභයක් උපයා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මෙවැනි ලාභයක් වසර 48කට පසු ගමනා ගමන මණ්ඩලය විසින් උපයා ඇති බව ය. සිය බස් රථ ඇණිය කාර්යක්ෂම ආකාරයෙන් ධාවනය කිරීම සහ වැඩි කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය යෙදවීමත් සමග මෙම මෙහෙයුම් ලාභය ඉපැයීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළේ ය.