ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් ඒකක 6.5ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ චලනයක්

by Staff writer 17-08-2018 | 10:11 PM
(News 1st) - ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දුනීසියාවේ බීමා නගරයට කිලෝමීටර් 174 ක දුරින් බටහිර දෙසින් පිහිටි ටෙංගාරා ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති බව ය. එමගින් සිදු වූ හානිය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.