by Staff writer 17-08-2018 | 2:11 PM
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාර් වජ්පායි මහතාගේ අවමංගල්‍ය උත්සවයට ලක් රජය නියෝජන කරමින් සහභාගීවීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
එහිදී අතල් බිහාර් වජ්පායි මහතාගේ අභාවය වෙනුවෙන් ලක් රජයේ ශෝකය පළ කිරීමට නියමිත වේ.
අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාර් වජ්පායි මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.