කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක්

කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක්

කෙන්යා මලල ක්‍රීඩක ‘කිප්යෙගොන් බෙට්’ හට තරග තහනමක්

කර්තෘ Staff writer

17 Aug, 2018 | 11:22 am

කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ.

ඒ, ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුවයි.

20 හැවිරිදි කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇත.

පසුගිය වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ද ඔහුටයි.

අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය යටතේ ක්‍රියාත්මක වන මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය හෙවත් ඒ. අයි. යූ මගින් කිප්යෙගොන්ට එරෙහිව මෙම තහනම පනවා ඇත.

පසුගිය වසරේ සිට අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ තහනම් උත්තේජක පාලන ඒකකය හැඳින්වෙන්නේ මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය ලෙසයි.

මේ වන විට එම ඒකකය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 දෙනෙකුට අදාළ පරීක්ෂණ සිදු කරන බවට වාර්තා වේ.