හිටපු ඉන්දීය අගමැති වජ්පායි අභාවප්‍රාප්තවෙයි

BREAKINGඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

by Sagarika Chathumali 16-08-2018 | 5:53 PM
News 1st :හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ හිටපු අග්‍රාමාත්‍යවරයා තෙවරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ. සමස්ත ඉන්දියානුවන් ඇතුළු ලොව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්ත දේශපානඥයෙකු වන වජ්පායි මහතා මිය යන විට 93 වන වියේ පසු විය.