වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්...

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

by Staff writer 16-08-2018 | 7:06 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව තබා ඇති බව අප වාර්තාකරුවන් පවසා තිබේ.

ඔවුන් සඳහන් කළේ, පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඇතැම් මාර්ගවල වාහන ධාවනයට ද බාධා මතුව ඇති බවයි. මේ අතර දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.