by Staff writer 16-08-2018 | 8:56 PM
COLOMBO (News 1st) : ගෙවුණු වසරක කාලය තුළ කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත වූ මෙරට ශ්‍රමිකයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 117,000 පමණක් මේ වන විට එරට විවිධ රැකියාවල නිරත වෙති.
මේ අතරින් 21 දෙනෙකු ගෙවුණු වසරක කාලය ඇතුළත මිය ගොස් ඇති අතර 19 දෙනෙකුගේ සිරුරු මෙරටට ගෙන්වා අවසන් කටයුතු සිදු කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විදෙස් සම්බන්ධතා නිලධාරිවරයා සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෑතක දී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු තවමත් මෙරටට ගෙන්වා නොමැති බවයි.
එම පුද්ගලයින් දෙදෙනා මහනුවර උඩිස්පත්තුව සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කටාර්හි රියැදුරන් ලෙස රැකියාවේ නිරත ව තිබේ.
ඉන් අයෙක් හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් පුද්ගලයා ගොඩනැගිල්ලක තෙවන මහළින් වැටීමෙන් ජිවිපත්ෂයට පත්ව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.