මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ගමන් හෙට සිට නවතී

මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ගමන් හෙට සිට නවතී

by Staff writer 16-08-2018 | 3:16 PM

COLOMBO (News 1st) : මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය හෙට සිට මාස තුනක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ, එම මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, දෛනිකව කොළඹ කොටුවේ සිට තලේමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4ක් ක්‍රියාත්මක වන බවයි. මාර්ගය වසා දමා ඇති කාලය තුළ මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.