මනම්පිටියේ වැලි ගොඩ දැමූ බෝට්ටු 25 ක් ගිනිබත් කෙරේ

මනම්පිටියේ වැලි ගොඩ දැමූ බෝට්ටු 25 ක් ගිනිබත් කෙරේ

by Staff writer 16-08-2018 | 10:04 AM

COLOMBO (News 1st) - පොළොන්නරුව, මනම්පිටිය පාලම අසළ ගාල් කර තිබූ බෝට්ටු 25 කට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, වැලි ගොඩදැමීමට භාවිත කරන බෝට්ටුවලට එලෙස ගිනි තබා ඇති බවයි. වැලි සමාගමක් විසින් මහවැලි ගඟේ එම ප්‍රදේශයේ වැලි ගොඩ දමන අතර එහි සේවය කරන කම්කරුවන් සතු බෝට්ටු 19 ක් හා වැලි ගොඩදැමීම සඳහා අලුතින් එක් වූ නිදහස් ටිපර් රථ සංවිධානයට අයත් බෝට්ටු 6 ක් ගින්නෙන් විනාශ වී ඇති බවයි. එය කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොළාන්නරුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.