මධ්‍යම සහ සබරගමුවට හෙට තද වැසි...

මධ්‍යම සහ සබරගමුවට හෙට තද වැසි...

by Staff writer 16-08-2018 | 4:47 PM
COLOMBO (News 1st) : මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. වයඹ, උතුරුමැද, උතුරු , නැගෙනහිර ,බස්නාහිර පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට ත් විටින් විට පැයට කිලෝමිටර් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.