ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි

by Staff writer 16-08-2018 | 4:53 PM
COLOMBO (News 1st) : ඩෙංගු රෝගීන් වාර්තාවීම 70% කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 33,900 ක් බවයි. එහෙත් පසුගිය වසරේ මෙම කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 128,000 ක් පමණ වාර්තා වී තිබේ. හඳුනාගත් අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් හෙටත් විශේෂ ඩෙංගු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ය.