ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 16-08-2018 | 6:08 AM

දේශීය පුවත්

1. පෞ. බස් සේවකයින් අද වර්ජනයක: මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් විය. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. 2. හිටපු නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි රිමාන්ඩ්: හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 3. කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි: කටුනායක සිට ඉන්දියාවේ කොචින් දක්වා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ. 4. කීත් නොයාර් පැහැර ගැනීම: හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට තීරණය කරයි: මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වද හිංසා පැමිණ වීමේ සිද්ධියට අදාළව ලබන 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විදෙස් පුවත්

5. කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට: ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 35 කි.

ක්‍රීඩා පුවත්

6. අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව: ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දුනීසීයාවේ ජකර්තා නුවරදීයී. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ.