ගම්පහට හෙට පැය 18ක ජල කප්පාදුවක්

ගම්පහට හෙට පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 16-08-2018 | 2:55 PM
COLOMBO (News 1st) : ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට අනිද්දා අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, පල්ලියකන්ද ජලාශයේ සිට කැලණිය හා වත්තල ප්‍රදේශයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ කාන්දුවක් අලුත්වැඩියා කිරීම සඳහායි. ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල - මාබෝල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති. මීට අමතරව බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගෝනවල පාර, මගුරුවිල පාර හා විජයරාම පාර මෙන්ම බොල්ලෑගල ප්‍රදේශයට ද, අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.