මුහුදේ අතරමං වූ ධීවර යාත්‍රාවක් සොයා මෙහෙයුම්

කාර්මික දෝෂයකට ලක් ව ගැඹුරු මුහුදේ අතරමං වූ ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට මෙහෙයුම්

by Staff writer 16-08-2018 | 7:22 AM

COLOMBO (News 1st) - දික්වැල්ල නිල්වැල්ල වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක් ව ගැඹුරු මුහුදේ අතරමංව තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ ජයඉසුරු 03 නැමති ධීවර යාත්‍රාවයි. එහි හිමිකරු ශාන්ත අර්නස්ට් මහතා පැවසුවේ, පසුගිය ජූලි මස 19 වන දා මුහුදු ගිය එම යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිටි බවය.