ඇඹිලිපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

ඇඹිලිපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

by Staff writer 16-08-2018 | 10:56 AM

COLOMBO (News 1st) - ඇඹිලිපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟයට විරෝධය පළ කරමිනි. ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ශාඛා සභාපති ගාමිණි සුවඳරත්න මහතා සඳහන් කළේ, රෝහලේ සේවක පුරප්පාඩු සියයකට අධික ප්‍රමාණයක් පවතින බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළ ද සිය ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ බව ද ඔහු සඳහන් කළේ ය.