ගෑස් මිලටත් මිල සුත්‍රයක්

ගෑස් මිල සඳහාත් මිල සුත්‍රයක්

by Staff writer 16-08-2018 | 6:57 AM

COLOMBO (News 1st) - ගෑස් මිල සම්බන්ධයෙන් ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරිය එම මිල සූත්‍රය සකස් කරමින් සිටින බවයි. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වැඩි වන අවස්ථාවන්වලදී මිල සුත්‍රය අනුව මෙරට ගෑස් මිල ගණන් අඩු වැඩි වනු ඇති. ගෑස් මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් මෙම මිල සූත්‍රය සකස් කිරීමට පියවර ගන්නා බව ජීවන වියදම් කමිටුව පැවසුවේ ය.