English
தமிழ்
කර්තෘ Staff writer
16 Aug, 2018 | 8:41 am
ඊයේ දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 කි.
මෙම තත්ත්වය හමුවේ ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පයිනරායි විජයන් පියවර ගත්තේ ය.
ඔහු පැවසූවේ, ශතවර්ෂයකින් කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය බවයි.
ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රාන්තයේ පිහිටි ප්‍රාන්තයේ ජලාශ 39 න් 35 කම වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත.
ගංවතුර හමුවේ ප්‍රාන්තයේ පාසල් රැසකට අද නිවාඩු ලබා දී ඇති අතර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පැවැත්වීමට නියමිතව තිබූ විභාග ද කල්දමා තිබේ.
මෙම ගංවතුර තත්ත්වය ලබන සෙනසුරාදා තෙක් පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කළහ.
ගංවතුර හමුවේ පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර සංචාරකයන් අතර ප්‍රචලිත ඉඩුක්කි දිස්ත්‍රික්කයේ මුන්නාර් නැමති ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි.
ගංවතුර සහ නායයාම් හමුවේ ප්‍රාන්තයේ මහාමාර්ග සහ නිවාස සිය ගණනක් විනාශ වී ඇතැයි ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ගංවතුරෙන් ප්‍රාන්තයේ අස්වැන්නට සිදු ව ඇති පාඩුව ඉන්දීය රුපියල් කෝටි 8000 කට අධිකය.
22 Dec, 2018 | 08:52 PM
22 May, 2018 | 10:08 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS