පහේ හපනුන්ගේ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹේ

by Staff writer 15-08-2018 | 6:47 AM
COLOMBO (News 1st) - 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බව ය. ඒ සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාව 8000කට අධික බව ද ඔහු පැවසුවේ ය. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, අපේක්ෂකයින් 355,326 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටි බව ය.