වයඹ ජල ගැටලුවට ත් විසඳුම්

වයඹ ජල ගැටලුව විසඳීමට ජනපතිගේ මග පෙන්වීමෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

by Staff writer 15-08-2018 | 3:41 PM
COLOMBO (News 1st) : වයඹ පළාතේ ජල ගැටලුව විසඳීමට ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ මේ වනවිට දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ රටතුළ විවිධ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුව ද වයඹ පළාත හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට අවශ්‍ය ජලය ලබාදීමට මෙතෙක් පැවති සෑම රජයකින්ම අතපසුවීම හේතුවෙන් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දුන් බවයි. වැඩපිළිවෙළ යටතේ වාර්ෂිකව අක්කර අඩි එක්ලක්ෂ පන්දහසක වාරි ජලය අඛණ්ඩව ලබාදීම සහ කුඩා වැව් 353 ක් සහ ප්‍රධාන වැව් 8 ක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීම, ගොවි බිම් හෙක්ටයාර් 12,500 ක් සංවර්ධනය කිරිමට නියමිතයි. ඒ සඳහා මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘතියක් ලෙස වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.