රත්‍රං සමග සැකකරුවන් 2ක් කටුනායකදී අත්අඩංගුවට

රත්‍රං සමග සැකකරුවන් 2ක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 15-08-2018 | 2:48 PM
COLOMBO (News 1st) : රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී කටුනායක ගුවන් තොටුපොළ රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, 23 හැවිරිදි එක් සැකකරුවෙකු ඩුබායි සිට සිය ගමන් මල්ලේ සඟවා කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 13 ක් බර රන් භාණ්ඩ තොගයක් රැගෙන ඒමට තැත් කිරීමේදී අද අලුයම අත්අඩංගුවට ගත් බවයි. එහි වටිනාකම රුපියල් 1,58 18, 775 කි. මේ අතර කිලෝ ග්‍රෑම් 2 ක් බරැති රන් බිස්කට් 20 ක් සමග 58 හැවිරිදි සැකකරුවෙකු අද උදෑසන ගුවන්තොටුපොළ ඇතුළුවීමේ පර්යන්තයේදී රේගු අත්අඩංගුවට පත්විය. ඔහු චෙන්නායි සිට මෙම රන් බිස්කට් මෙරටට රැගෙන පැමිණ ඇති අතර එහි වටිනාකම රුපියල් 130,00,000කි. සැකකරුවන් පුත්තලම හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.