ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-08-2018 | 7:11 AM
COLOMBO (News 1st)  1. පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 2. වැඩි කළ ස්ථානීය දඩ මුදල්වලට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 3. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් මුදල් නොට්ටු මුද්‍රණය කිරීමට තම රජයේ මුදල් මුද්‍රණ ආයතනය වෙත ඇණවුම් ලැබී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. 4. බොහෝ දෙනෙකු දෛනිකව භාවිතයට ගන්නා මා ඔයේ ජලයට රසායනික ද්‍රව්‍ය අඩංගු අපද්‍රව්‍ය මුදාහරින ජාවාරමක් පිළිබඳ අනාවරණය. විදෙස් පුවත් 5. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන්, එෆ්.බී.අයි. සංවිධානයේ ජ්‍යේෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත් කර තිබේ. ක්‍රීඩා පුවත් 6. දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් ඊයේ වාර්තා කළේ ය.