කළුතර ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ

කළුතර ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ

by Staff writer 15-08-2018 | 11:36 AM
COLOMBO (News 1st) - කළුතර අවට ප්‍රදේශ රැසක ජල සැපයුම මේ වන විට බිඳ වැටී තිබේ. ඒ, කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය ලබා දෙන රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටීම හේතුවෙනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, මේ වන විට කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලිය විසන්ධි වී ඇති බව ය. එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බව ද මණ්ඩලය සඳහන් කළේ ය. කෙසේ වෙතත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකින් ජලය පොම්ප කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වෙතැයි ජල සම්පාදන මණ්ඩලය විශ්වාසය පළ කරයි. ජලය සැපයුම බිඳ වැටීම හේතුවෙන් වාද්දුව, කළුතර උතුර, කළුතර දකුණ, පයාගල, මග්ගොන හා බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.