කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 15-08-2018 | 3:03 PM
COLOMBO (News 1st) : කටුනායක සිට ඉන්දියාවේ කොචින් දක්වා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, දෛනිකව කොචින් දක්වා කටුනායක සිට එක් ගුවන් ගමන් වාරයක් සිදුකරන බවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපොළ ලබන සෙනසුරාදා දක්වා වසා දැමීම හේතුවෙන් එලෙස ගුවන් ගමන් අත්හිටුවා තිබේ. දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ පිළිබද වැඩිදුර තොරතුරු 1979 දුරකථන අංකයෙන් විමසිය හැකි බවයි. එසේ නැතහොත් 00914842611313 යන දුරකථන අංකයෙන් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ කාර්යාලය සමග හෝ 00914842362042 යන දුරකථන අංකයෙන් කොචින් නුවර පිහිටි ශ්‍රීලංකන් කාර්යාලය අමතා ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.