ජනතාවත්, උසස් පෙළ සිසුනුත් ඇපයට තබා බස් සේවකයිනුත් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සැරසෙයි

ජනතාවත්, උසස් පෙළ සිසුනුත් ඇපයට තබා බස් සේවකයිනුත් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සැරසෙයි

ජනතාවත්, උසස් පෙළ සිසුනුත් ඇපයට තබා බස් සේවකයිනුත් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සැරසෙයි

කර්තෘ Staff writer

15 Aug, 2018 | 7:00 am

COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් වෙති.

ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, මේ පිළිබඳව වගකිව යුතු ආයතන දැනුවත් කළ ද සාධාරණයක් ඉටු නොවූ බව ය.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ වර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ද පැවසුවේ, වර්ජනයට තමන් එක් නොවන බව ය.

පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ, වර්ජනයට සහය දීම පිළිබඳව අද මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව ය.

පෞද්ගලික බස් සේවක වැඩ වර්ජනය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, වැඩ වර්ජනයක් පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර නොමැති බව ය.

කෙසේ වෙතත් දඩ මුදල් වැඩි කළේ විනය ගරුක රියැදුරන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් බව ද ලේකම්වරයා අවධාරණය කළේ ය.