කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට

කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට

by Staff writer 15-08-2018 | 10:30 PM
COLOMBO (News 1st) : ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 35 කි. පෞද්ගලික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී තිබිණ.