අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව

by Staff writer 15-08-2018 | 8:45 PM
COLOMBO (News 1st) : ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දුනීසීයාවේ ජකර්තා නුවරදීයී. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ. මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය වන අතර ඒ අනුව අංකලක ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටිනු ඇති.