ලු.කමාන්ඩර් චන්දන රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

CID අත්අඩංගුවට පත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 14-08-2018 | 4:11 PM
COLOMBO (News 1st) - සී.අයි.ඩී. අත්අඩංගුවට පත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙටිටිආරච්චි හෙට දිනය දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ, 2008 වසරේදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර විවෘත වරෙන්තු 3ක් නිකුත් කර තිබිණි.