හෙරොයින් ළඟ තබා ගත් 8 දෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගත් 8 දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 14-08-2018 | 12:21 PM
COLOMBO (News 1st) : මාතලේ සහ දඹුල්ල පොලිස් ස්ථානවලින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු සහ දඹුල්ල ප්‍රදේශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී මිලිග්‍රෑම් 20ත් 50ත් අතර ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වයස අවුරුදු 25 ,36, 35, 38 ,42 යන වයස්වල පසුවන මාතලේ, ක‍ලුදෑවල, උඩුපිල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද මාතලේ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර දඹුල්ල පොලීසිය මගින් ද හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 650 ,170, සහ 70 ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසී ය. දඹුල්ල තලකිරියාගම සහ නාවුල ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ මොවුන් අත්තඩංගුවට ගෙන තිබේ.