හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවකයින් වැඩ වර්ජනයක

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි

by Staff writer 14-08-2018 | 10:10 PM
COLOMBO (News 1st) - වැඩි කළ ස්ථානීය දඩ මුදල්වලට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළේ, තම සංගම් මීට සහය නොදක්වන බව ය. උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් වර්ජනයට යොමු නොවී සේවයට වාර්තා කරන ලෙස බස් සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.