බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගැන පරීක්ෂණ

බන්ධනාගාර බුද්ධි අංශයේ 100කට වැඩි පිරිසක් ගැන පරීක්ෂණ

by Staff writer 14-08-2018 | 7:03 AM
COLOMBO (News 1st) : බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගෙන් 100කට අධික පිරිසක් සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අධිකාරි මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා හේතුවෙන්,පසුගිය කාලයේ සිදුකළ ස්ථාන මාරු වීම් ලද බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් 20 දෙනාගෙන් බහුතරයක් දුෂිත ක්‍රියාවලට සම්බන්ධ බවට ද හෙළි වී ඇති බවයි. මේ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකර ඇතැයි පැවසෙන අයථා මුදල් ඉපැයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරිමට පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළා ය. ඩබ්ලිව්. එම්. එම්. අයි. අධිකාරි මහත්මිය පැවසුවේ, අක්‍රමිකතවලට සම්බන්ධ බවට තොරතුරු හෙළි වි ඇති බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව පැමිණිලි කිරීමට අදාළව අවශ්‍ය වාර්තා සකස් කරමින් ඇති බවයි. ඒ අනුව අයථා ලෙස මුදල් උපයමින් විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගන්නා බව ලේකම්වරිය ප්‍රකාශ කළා ය.