ස්වාධීන වීම ගැන ඒකාබද්ධයේ තීන්දුව කල් යයි

පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම ගැන ඒකාබද්ධයේ තීන්දුව කල් යයි

by Staff writer 14-08-2018 | 10:19 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේ හිටපු ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම පිළිබඳව අවසන් තීන්දුව මෙම සාකච්ඡාවේදී ගන්නා බව මීට පෙර ප්‍රකාශ කෙරිණි.