නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීමට අනුමැතිය

නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 14-08-2018 | 5:22 PM
COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිවේදනයක් නිකුත් කරන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ, සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන් ම දුම්රිය සේවාව ඇතුළු වැටුප් විෂමතා පවතින ඇතැම් සේවාවන්හි විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කොමිසමට පැවරෙන බව ය. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමට මාස 2ක කාලයක් ලබා දී තිබේ. රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක චක්‍රලේඛවල විධි විධාන කෙරෙහි අවධානය යොමු කර ඒ හරහා රාජ්‍ය සේවයට ඇති වන්නා වූ බලපෑම පිළිබඳව කොමිසම විසින් සලකා බලනු ඇති. කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි සමස්ත රාජ්‍ය සේවය සඳහා ම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.