නව තැපැල්පතිවරයා පත් කිරීමට අනුමැතිය

නව තැපැල්පති ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට අනුමැතිය

by Staff writer 14-08-2018 | 4:33 PM
COLOMBO (News 1st) - නව තැපැල්පතිවරයා ලෙස රංජිත් ආරියරත්න මහතා පත් කිරීමට නියමිතව තිබේ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවසුවේ, ඊට අමාත්‍ය අනු කමිටුවේ අනුමැතිය හිමි වූ බව ය. හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරු කිරීමෙන් පසු පුරප්පාඩු වූ තැපැල්පති ධූරය සඳහා පොළොන්නරුවේ හිටපු දිසාපති රංජිත් ආරියරත්න මහතාගේ නම නිර්දේශ කොට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය එය අමාත්‍ය අනු කමිටුවට යොමු කිරීමෙන් පසු ඊට අද අනුමැතිය හිමිව තිබේ.