ට්‍රම්ප් විවේචනය කළ FBI ප්‍රධානියෙකුට ධුර අහිමියි

ජනපති ට්‍රම්ප් විවේචනය කළ FBI ප්‍රධානියෙකුට ධුර අහිමිවෙයි

by Staff writer 14-08-2018 | 8:32 AM
News 1st : අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන්, එෆ් බී අයි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත්කර තිබේ.  ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ පසු, එෆ් බී අයි සංවිධානයේ ධුරයෙන් ඉවත් කළ තුන්වන ඉහළ පෙළේ නිලධාරියා මොහුයි. ඉකුත් ජනපතිවරණයේදී ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි සේ විවේචනයට ලක් කිරීම හේතුවෙන් ස්ට්‍රෝක් මෙලෙස ධුරයෙන් ඉවත් කර තිබේ. විදෙස් වාර්තා අනාවරණය කළේ, අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කළ දීර්ඝ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව ස්ට්‍රෝක් සිය මිතුරන් සමග හුවමාරු කරගත් කෙටි පණිවුඩ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී ඇති බවයි. ඒ අනුව ස්ට්‍රෝස්ට දින 60 ක වැඩ තහනමක් හා ඔහුගේ තනතුරද පහත හෙළන බව එෆ් බී අයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් බෝඩිච් නිවේදනය කළේ ය. පීටර් ස්ට්‍රෝක්, එෆ් බී අයි සංවිධානයේ කටයුතු කළේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසයි.