මාරපනදී මැණික් ව්‍යාපාරිකයෙකු එල්ල කර වෙඩි ප්‍රහාරයක්

මාරපනදී මැණික් ව්‍යාපාරිකයෙකු එල්ල කර වෙඩි ප්‍රහාරයක්

කර්තෘ Staff writer

14 Aug, 2018 | 9:04 am

COLOMBO (News 1st) : රත්නපුර, මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු එල්ල කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අද අලුයම 5ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 59 හැවිරිදි අදාළ මැණික් ව්‍යාපාරිකයා රත්නපුර පිහිටි සිය වෙළෙඳසල වෙත පැමිණෙමින් සිටියදී ‍ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

සිද්ධියෙන් ඔහුට තුවාල සිදුව නොමැති අතර නිවසකට හා වෙළෙඳසලකට වෙඩි උණ්ඩ වැදී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.