by Sagarika Chathumali 13-08-2018 | 10:31 AM
News 1st : සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි .
පිපිරීමෙන් පසු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව ද සිරියානු බලධාරීහු සඳහන් කළහ.
ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් අනතුරින් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි.
සුන්බුන්වලට සිරවී සිටි තවත් පුද්ගලයන් 10 දෙනෙකු බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
පිපිරීමෙන් ආයුධ ගබඩාව තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එම ආයුධ ගබඩාව, ආයුධ ජාවාරම්කරුවකුට අයත් වූවක් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
කෙසේවෙතත් ගොඩනැගිල්ල පිපිරී යාමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.