යාලේ කලාපයක් දෙමසක් වැසේ

යාලේ කලාපයක් දෙමසක් වැසේ

by Sagarika Chathumali 13-08-2018 | 11:50 AM
COLOMBO (News 1st) : යාල ජාතික වනෝද්‍යානයේ කලාපයක් මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් පළමු වන දා සිට ඔක්තෝම්බර් 31 වන දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බවයි. කලාප අංක එක වසා තැබීමට කටයුතු කළ ද අනෙකුත් කලාප සචාරකයින් සඳහා විවෘතව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක සංචාරකයන් සඳහා නැවත නොවැම්බර් පළමු වන දා සිට විවෘත කෙරෙනු ඇති. වනෝද්‍යානයේ එම කලාපය එලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ, සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම සඳහායි.